[Your Name]
[Your Position]
Fiverr Sales Analytics
මේක ටිකක් වැදගත් එකක් මොකද Online Marketing වලදී Analytics කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්. කෙටියෙන්ම, මේකේන් වෙන්නේ Fiverr Account එකේ Sales වල විස්තර පෙන්වන එකයි. ඒවගේම ඔයා හොයන මුදල් ප්‍රමාණය, ඔයාගේ Gigs ප්‍රසිද්ධ රටවල් වගේ ගොඩක් දේවල් මේකෙන් පෙන්වනවා.
Fiverr Sales Analytics Information
AVG. Selling Prize – මේ කියන්නේ ඔයාට එන සාමාන්‍ය Sale එකක ගාණ. ඔයාගේ Gigs වල තියෙන Gig Extras නිතරම Buy කරනවා නම්, ඔයාට Multiple Gig Unit Sales එනවා නම් මෙතන $5ට වඩා ලොකු ගාණක් තියෙන්න ඕනා.
Delivered Orders – මෙතන පෙන්වන්නේ ඔයා Deliver කරන Orders ගාණ, මේක ඔයාගේ Public Fiverr Profile එකෙත් පෙනවනවා ඒ නිසා පුලුවන් තරම් එන Orders හැමදාම Deliver කරන්න, එක දවසක්වත් නොකර ඉන්න එපා Orders තියෙනවා නම්. මොකද, හැමදාම Deliver කලොත් ඔයාට ලොකු Demand එකක් තියෙනවා කියලා පේනවා.
පුලුවන් හැම වෙලාවෙම ඔයාට එන Order එකක් කිසිම විදිහකින් Cancel වෙන්න දෙන්න එපා. හැබැයි එහෙම කියලා Negative Reviews තියාගෙන ඉන්න එපා. Buyer වැඩේට අකමැතිම නම් සල්ලිත් එපා බඩුත් එපා කියලා පැත්තකට වෙන එක අනාගතේට හොඳයි. කලාතුරකින් තමයි ඒ වගේ Buyersලා එන්නේ.
Responsiveness – මේක තමයි මෙතනින් වැදගත්ම දේ. Perfect Communication එකක් නැත්නම් කවදාවත් ඔයාට සාර්ථකව Online Marketing කරන්න බැහැ. මොකද පරක්කු වෙලා Reply යවනවා කියන්නේ Customerගේ උපරිම අවතක්සේරුවට ලක්වෙන දෙයක්. මට ආපු ලොකු Orders පවා Cancel වෙලා තියෙනවා Communication එක Constant Level එකක තියාගන්න බැරිවුන හින්දා.
මෙතන Responsiveness එක ඔයාගේ Public Fiverr Profile එකේ පෙන්වනවා ඒ කියන්නේ ඔයා කොච්චර Communication එක ගැන හිතනවද කියලා ඕන Potential Customer කෙනෙකුට එක තත්පරයකින් හිතාගන්න පුලුවන්. මේකට හොඳම හා එකම විසදුම එන හැම Message එකකටම ඒ වෙලාවෙම Reply කරන එක. මෙතනදි ඔයාගේ Gig එකක් සම්බන්ධව එන Messages වලට තමයි එහෙම ඉක්මනින් Reply කරන්න ඕන. එතකොට මේ Responsiveness එක අඩු වෙයි.

Fiverr Sales Analytics Map & Revenue
Pageviews – ඔයාගේ Fiverr Profile එක බලන්න ආපු ගාණ තමයි මෙතන පෙන්වන්නේ. ඔයාගේ Gigs වලට එන Pageviews මෙතනට අදාල නැහැ.
Conversion Rate – මේක තමයි මෙතන වැද්ගත්ම එක. මේ කියන්නේ ඔයාගේ Profile එකට ආපු අයගෙන් කීදෙනෙක් ඔයාගේ Customersලා වුනාද කියලා ප්‍රතිශතයකින්.
ඔයාට පුලුවන් මේ Conversion Rate එක වැඩි කරගන්න හොඳ Quality Gigs, Profile Description වගේම පට්ට OffSite Self-Promotion එකක් කරලා.
Customer Map – ඔය Map එකෙන් පෙන්වන්නේ ඔයාගේ Gigs අරගෙන තියෙන රටවල් ගාණ. සාමාන්‍යයෙන් වැඩියෙන්ම Buy කරන්නේ United States වලින් තමයි.
Fiverr To Do Page

Fiverr V2 To Do List
Fiverr V2 වලදී To Do Page එකේ පෙන්වන්නේ ඔයා විසින් අනිවාර්යයෙන් කළයුතු දේවල් ලිස්ට් එකක්. ඔයා එතන පෙන්වන එකක් හරි නොකරොත් ඒක ඔයාට ලැබෙන OnSite Fiverr Promotion එකට බලපානවා. වෙනත් විදිහකින් කිව්වොත් ඔයාට ලේසියෙන් Sales ලැබෙන්නේ නැහැ. මෙතන ඉතින් කරන්න කියන්නේ එන Messages වලට Reply යවන්න, Rate කරපු Customerට Rate කරන්න, ආපු Orders Deliver කරන්න වගේ දේවල් තමයි.
Fiverr Gigs Stats

Fiverr V2 Gig Stats
1. Impressions – මේ කියන්නේ ඔයාගේ Gig එක Fiverr Site එක ඇතුලේ කොහේ හරි(eg. homepage, search listing) පෙන්වපු වාර ගාණ. වැඩි ගාණක් පෙන්වනවා කියන්නේ Fiverr System එකෙන් Gig එකට Support කරනවා කියන එකයි.
2. Clicks – මෙතන පෙන්වන්නේ එහෙම Gig එක පෙන්වපු වෙලාවලදී ඒක Click කරපු ගාණ. ඇත්තටම Gig එක බැලුවත් නැතත් මෙතන Click එක Count වෙනවා.
3. Pageviews – මේ තීරුවේ පෙන්වන ගාණ කලින් එකට වඩා අඩු වෙන්න ඕනා නිතරම, මොකද අර විදිහට Gig එක Click කරලා එන හැම කෙනාම Gig එකත් එක්ක Engage වෙන්නේ නෑ. ඒ කියන්නේ එහෙම එන කෙනා වැඩි වෙලාවක් Gig Page එකේ ඉන්නේ නැතුව ඉක්මනින් ගියාම ඒක Pageviews වලට අයත් වෙන්නේ නෑ. කෙටියෙන්, ඒවා තමයි Bounces කියන්නේ.
4. Purchases – Pageviews වලට අයත්වෙන කෙනෙක් තමයි අනිවාර්යයෙන් ඔයාගේ Customer කෙනෙක් වෙන්නේ ඉතින් එහෙම ඔයාගේ Customersලා වෙන ගාණ තමයි මෙතන පෙන්වන්නේ. එක Pageview එකක් ඇවිල්ලා ඕන තරම් Purchases වෙන්න පුලුවන් මොකද Gig Extras හා Multiple Gig Units කියන දේවල් තියෙන නිසා.
5. Conversion Rate – මේ තියෙන්නේ Gig එක බලන(Pageviews) කට්ටියගෙන් ඔයාගේ Customer කෙනෙක් වෙන ප්‍රතිශතය. මේක වැඩියි කියන්නේ ඔයා Fiverr Gig එක හදනකොට පට්ට වැඩක් කරලා තියෙනවා කියන එකයි.
ඔයා Gig එකට කරන හැම Tweak එකකින්ම ප්‍රථිපලයක් තියෙනවද කියලා මේ තොරතුරු වලින් තීරණය කරන්න පුලුවන්.
ගැන කියන්න දේවල් තව එකක් තියෙනවා, ඉක්මනින්ම ඒවත් ලියන්නම්.
ඔයා කලින් මේ දේවල් මොනවද, ගන්න පුලුවන් ප්‍රයෝජන ගැන දැනගෙන හිටියද? එහෙමත් නැත්නම් ඔයා පුලුවන් උපරිමයෙන් මේවා පාවිච්චි කරනවද? Comment එකකින් ඔයාගේ අදහසත් කියලා යන්න අමතක කරන්න එපා.