ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම ආරක්ෂා කරගැනීම.
මම කලිනුත් සඳහන් කර ඇති පරිදි ඇඩ්සෙන්ස් (Google Adsense) මඟින් ඉක්මනින් මුදල් ඉපැයීමට බැහැ. එම නිසාම බොහෝ දෙනා පෙළෙඹනවා තමන්ම එම දැන්වීම් මත ක්ලික් කරමින් මුදල් ඉපැයීමට. ඇඩ්සෙන් පද්ධතිය අපි හිතනවාට වඩා දියුණු තත්ත්වයක පවතිනවා එමෙන්ම ඔවුන් එම පද්ධතිය දිනපතා යාවත්කාල කිරීම් වලට ලක් කරනවා. ඔවුන්ට යම් කිසි සැකයක් මතුවූ සැනින් ඔවුන් ඔබගේ ගිණුම මිනිස් ශ්‍රමය යොදාගනිමින් පරීක්ෂා කරනවා ඔවුන් නිවැරදි ලෙසම ඔබගේ හොරය අල්ලා ගත්තොත් (99%ක්ම අවස්ථාව තිබෙනවා ඔබගේ හොර වැඩේ අසුවීමට ඔබගේ ගිණුම එසැනින්ම අවලංගු කරනවා. එම නිසාම ඔබ ඉතාමත් නීති ගරුකව (http://www.google.com/adsense/terms) ඔබගේ ගිණුම භාවිතා කළ යුතුයි.
+ ඔබම ඔබගේ දැන්වීම් ක්ලික් කිරීමෙන් වැළකී සිටින්න
+ අන් අයට ඔබගේ දැන්වීම් ක්ලික් කරන ලෙස ඉල්ලා සිටීමෙන් වැළකෙන්න
+ Adsense advertisement code එක වෙනස් කිරීමෙන් වැළකෙන්න
+ ඇඩ්සෙන්ස් දැන්වීම් වැඩිහිටියන්ට පමණක් විවෘත වූ වෙබ් අඩවි වල දැමීමෙන් වළකින්න
මේ උපදෙස් කිහිපයක් පමණයි. ඔබගේ ගිණුම ඔබගේ වැරැද්දකින් තොරව අවලංගු වීමටත් ඉඩ කඩ තිබෙනවා. සමහර විට ඔබගේ ව්‍යාපාරික හතුරෙක් ඔබගේ වෙබ් අඩවියේ දැන්වීම් දිගින් දිගටම ක්ලික් කිරීමට පුළුවන් එවිටත් ඔබගේ ගිණුම අවලංගු වීමට ඉඩ තිබෙනවා. එමෙන්ම යම් කිසිවෙකු ඔබගේ හඳුනාගැනීමේ අංකය පිළිබඳ දැනගෙන එම හඳුනාගැනීමේ අංකය භාවිතා කර නුසුදුසු වෙබ් අඩවි වල දැන්වීම් දැමීමට පුළුවන් එමනිසා ඔබගේ ගිණුම අවලංගු වෙනවා.
කෙසේ වෙතත් ඔබගේ ගිණුම ඔබගේ වරදකින් තොරව අවලංගු වුවහොත් ඉක්මණින් ඇඩ්සෙන්ස් (Google Adsense) කාර්ය මණ්ඩලය වෙත අභියාචනයක් (Appeal) මඟින් දන්වන්න ඒ සඳහා https://www.google.com/adsense/support/bin/request.py?contact=invalid_clicks_appeal වෙත පිවිසෙන්න. ඔබ අතින් වැරදීමකින් දැන්වීම් ක්ල්ක් වුවහොත් එසැණින්ම https://www.google.com/adsense/support/bin/request.py වෙත පිවිසෙන්න. ඔබගේ ගිණුම අවලංගු වීමෙන් අනතුරුව බොහෝ විට ඔබගේ ගිණුම නැවත පිහිටුවීමක් සිදු වන්නේ නැහැ. එබැවින් නැවත ගිණුමක් විවෘත කිරීම අපහසුයි.
Copyright: adsense-sinhala